spot_img
spot_img

රුසියානු හමුදාවට එක්වූ ලාංකිකයන් 59ක් මිය ගිහින් – විදේශ ඇමති

යුක්රේන යුද පෙරමුණේදී රුසියානු හමුදාව සමග එක්වී සිටින ශ්‍රී ලාංකිකයින් අතරින් 2025 ජනවාරි 20වැනිදා වනවිට 59 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතා අනාවරණය කළා.

අද (07) පාර්ලිමේන්තුවේදී විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතා මේ බව පැවසුවා.

රුසියානු හමුදාව සමග ශ්‍රී ලාංකිකයින් 554 දෙනෙකු එක්වී සිටින බවත් ඔවුන් කිසිවෙකුව බලහත්කාරයෙන් බඳවාගෙන නොමැති බවත් අනාවරණය කෙරුණා.

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වාර්තා උපුටා දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ එම පිරිසට මෙරට සිටින ඥාතීන් සමග සම්බන්ධතා පැවැත්වීමට අවශ්‍ය පහසුමක් සලසා දෙන්නැයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත උපදෙස් දී ඇති බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

දින 101ක් පුරා කළ කැණීම්වලින් චෙම්මනි සමූහ මිනී වළෙන් ඇටසැකිලි 515ක්

යාපනයේ චෙම්මනි සිත්තුපාත සුසාන භූමියට නුදුරින් පිහිටි සමූහ මිනී...

පැතිකුදයට නවීන ප්‍රතිකාර සඳහා ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවේ බේබි මෙමෝරියල් රෝහලෙන් විශේෂ සහන

නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන්...

කොලොම්බියාවේ භූකම්පනයෙන් මියගිය ගණන 111ක් දක්වා ඉහළට

කොලොම්බියාවේ බටහිර ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූකම්පනයෙන් මියගිය ගණන 111දක්වා...