spot_img
spot_img

2035 දී චන්ද්‍රයාගේ මතුපිට න්‍යෂ්ටික බලාගාරයක්

වසර 2035 වනවිට චන්ද්‍රයාගේ මතුපිට න්‍යෂ්ටික බලාගාරයක් ඉදි කිරීමට බලාපොරොත්තු වන බව රුසියාවේ රොස්කොස්මොස් ප්‍රධානී යූරි බොරිසොව් පවසනවා

රොස්කොස්මොස් ප්‍රධානී යූරි බොරිසොව් පැවැසුවේ චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය සමඟ එකතු වී මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.

මෙම ව්‍යාපෘතිය 2033 සිට 2035 වසර දක්වා කාලය තුළ අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කළා.

තවද රුසියාව න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානයක් තැනීමටද බලාපොරොත්තු වන බව රොස්කොස්මොස් ප්‍රධානියා සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ව්‍යාපෘති දෙක සාර්ථකව අවසන් කිරිමට හැකි වුවහොත් සඳෙහි ජනාවාස පිහිටුවීමට එය මහත් පිටුවහලක් වනු ඇතැයි යූරි බොරිසොව් තවදුරටත් සඳහන් කළා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...