spot_img
spot_img

LPL අවසන් මහා තරඟය බලන්න එන අයට දැනුම්දීමක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය අද (21) කොළඹ ඛෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

ඒල ගෝල් මාර්වල්ස් සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම් අතරයි.

මෙම තරගය අද රාත්‍රී 7.30ට ඇරඹීමට නියමිතව තිබෙනවා.

මේ අතර, සංවිධායකින් පවසන්නේ නරඹන්නන් සඳහා ක්‍රීඩා පිටියේ ගේට්ටු සවස 5.30ට විවෘත කරන බවයි.

මාළිගාවත්ත, පන්සල් මාවත වසා දැමෙන අතර ක්‍රීඩාංගණයට පැමිණෙන රථ වාහන දොස්තර බබාපුල්ලේ මාවත භාවිත කළ යුතු බවයි සඳහන් වන්නේ.

සංවිධායකින් වැඩිදුරටත් පවසන්නේ, නරඹන්නන්ට සිය වාහන ඇපල් වත්ත සහ ශ්‍රී සුදර්මාරාම මාවත යන ප්‍රදේශවල නවතා තැබිය හැකි බවයි.

මෙම තරගයේ පළමු ඉනිම නිමාවූ පසු ඩ්‍රෝන යානා 500ක පමණ සහභාගීත්වයෙන් විශේෂ සංදර්ශනයක් පැවැත්වීමට නියමිතයි.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...