spot_img
spot_img

ජනාධිපතිවරණය කල් දාන්න සැලසුමක් නැහැ – බන්දුල

මේ වසරේ ඔක්තොම්බර් 17 දිනට පෙර නව ජනාධිපතිවරයෙක් තොරාපත් කරගත යුතු බව ප්‍රවාහන සහ මහ මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අද (20) හැටන් දුම්රිය ස්ථාන භුමියේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදි කරන ලද නව ගොඩනැගිල්ල සහ හැටන් දුම්රිය ස්ථානය නිරික්ෂණය කිරිම සදහා පැමිණි අවස්තාවේදී බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඔහු පවසා සිටියේ ඇතැම් පිරිස් පවසන පරිදි ජනාධිපතිවරණය කල් දැමිමට කිසිදු සැලසුමක් නොමැති බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මැතිවරණය පැවැත්විම සදහා අයවැයෙන් රු බිලියන 10 ක ප්‍රතිපාදන මැතිවරණ කොමිසම වෙත ලබා දි ඇති බව බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියා.

තම සහෝදර අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැත්විමට නියමිත ජනාධිපතිවරණයේ අපෙක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බවට තමන්ට තොරතුරු ලැබි ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...