Thursday, June 4, 2026
spot_img
spot_img

විජේදාසගේ පක්ෂ සාමාජිකත්වය අහිමි වීමේ අවදානමක්

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ පක්ෂ සාමාජිකත්වය පිළිබඳව අද දිනයේ පක්‍ෂය තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී අද (22) පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී  ඔහු මේ බව සඳහන් කළා.

තිස්ස කුට්ටිආරච්චි මහතා මෙහිදී සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක්ව සිටියදී විජේදාස රාජපක්‍ෂ මහතා නිදහස් පක්‍ෂයේ වැඩබලන සභාපති ධූරයට පත්වීම බරපතල තත්වයක් බවයි.

එක් පක්ෂයක  සිටියදී විජේදාස රාජපක්ෂ මහතා වෙනත් පක්ෂයක වැඩබලන සභාපති ධූරයට පත් වන තිබීම බැලූ බැල්මටම වැරැද්දක් වශයෙන් ඉතා පැහැදිලිව පෙනී යන බව තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නා.

එමෙන්ම විජේදාස රාජපක්ෂ මහතාගේ පක්ෂ සාමජිකත්වය අහිමි වීමේ අවදානමක් පවතින බවත් එය අහිමි වුවහොත් ඔහුගේ  මන්ත්‍රී ධූරයට ද ගැටලුවක් ඇති වියහැකි බව ද තිස්ස කුට්ටිආරච්චි මහතා වැඩි දුරටත් පවසා තිබෙනවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...