පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (31) නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ප්‍රතිඵල ලේඛන අවසන් අදියරේ පරීක්ෂා කිරීම මේ වනවිට සිදුවන බවයි.
උසස් පෙළ විභාගය පසුගිය ජනවාරි 04 වැනිදා සිට ජනවාරි 31 වැනිදා දක්වා පැවැත්වුණා.
ඊට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව තුන් ලක්ෂ 42,883 ක්.




