spot_img
spot_img

වීසා නොමැතිව රැඳි සිටි ඉන්දීය ජාතිකයන් පිරිසක් අත්අඩංගුවට

වීසා නොමැතිව මෙරට රැඳි සිටි විදේශිකයින් 06 දෙනෙකු සහ තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි සමග විදේශිකයෙකු කටුනායක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක – ආඬිඅම්බලම ප්‍රදේශයේ සැකකටයුතු විදේශිකයන් පිරිසක් රැඳී සිටින බවට කටුනායක පොලීසියට ලද තොරතුරක් මත ඊයේ (11) පස්වරුවේ සිදුකළ සෝදිසි කිරීමක දී මෙම විදේශිකයින් අත්අඩංගුවට ගත් පොලීසිය පවසනවා.

පොලීසිය පැවසුවේ නීතිවිරෝධි ලෙස ගෙන්වන ලද දුම්වැටි 1,000ක් (පැකට් 50) එක් විදේශිකයෙකු සතුව තිබූ බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 25, 26, 33, 38, 39 සහ 42 වයස්වල පසු වන ඉන්දීය ජාතිකයන් පිරිසක්.

සිද්ධිය සමබන්ධයෙන් කටුනායක පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...