Thursday, May 7, 2026
spot_img
spot_img

සුව සැරියට අලුත් ගිලන් රථ 95ක්

1990 සුව සැරිය පදනමට නොමිලේ ප්‍රදාන වශයෙන් ගිලන් රථ ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

පූර්ව රෝහල් ප්‍රතිකාර හා හදිසි රෝගී ප්‍රතිකාර සේවාවන් කඩිනමින් සලසා දීම සඳහා 2016 වසරේදී ඉන්දීය රජයේ ප්‍රදානයක් යටතේ ඉන්දියාවේ පිහිටි TATA Sons (Pvt) Ltd ආයතනයෙන් ලබාගත් ගිලන් රථ 297ක් යොදාගෙන “1990 සුව සැරිය පදනම” ආරම්භ කළා.

ශ්‍රී ලංකා රජයෙන් ලබා දුන් ගිලන් රථ 25 ක් ද ඇතුළුව මේ වන විට ගිලන් රථ 322 ක් මේ සඳහා යොදවා තිබෙනවා. සුව සැරිය පදනමේ ඉලක්කය , කඩිනමින් සේවය ලබා දීමයි.

සඳහා ගිලන් රථ 450ක් සහ උපස්ථ ගිලන් රථ 25ක් අවශ්‍ය බවත් දැනට ගිලන් රථ 150ක හිඟයක් ඇති බවත් හඳුනා ගෙන තිබෙනවා.

ඒ අනුව ඉන්දියාවේ TATA Sons (Pvt) Ltd ආයතනය විසින් ගිලන් රථ 50ක් නොමිලේ ප්‍රදානයක් වශයෙන් ලබා දීමටත් ආසියා සංවර්ධන බැංකුව විසින් ගිලන් රථ 45 ක් ප්‍රදානයක් වශයෙන් ලබා දීමටත් එකඟතාව පළ කර තිබෙනවා.

එකී ගිලන් රථ ‘1990 සුව සැරිය පදනම” වෙත ලබා ගැනීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...