spot_img
spot_img

වාහන වේග සීමා සම්බන්ධයෙන් ගැසට් පත්‍රයක්

මාර්ග ආශ්‍රිත වේග සීමා සම්බන්ධයෙන් අවශ්‍ය කෙරෙන රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය ඉදිරි සති දෙක ඇතුළත නිකුත් කිරීමට නියමිත බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

මාර්ග ආශ්‍රිත වේග පාලනය කිරීම සඳහා අවශ්‍ය යන්ත්‍ර මිලදී ගැනීම සඳහා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් ශ්‍රී ලංකා පොලීසියට රුපියල් මිලියන 50ක මුදලක් ලබාදීමට තීරණය කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ….
“2023 වර්ෂයේ මාර්ග රිය අනතුරු 2214ක් වාර්තා වුණා. එම මාර්ග අනතුරු ආශ්‍රිතව පුද්ගල මරණ 2321ක් සිදුව තිබෙනවා. මෙම වසරේ ද ඉකුත් මස 30 වනදා වන විට මාර්ග අනතුරු 1103ක් වාර්තා වී තිබෙනවා. එම මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගල මරණ 1154ක් වාර්තා වී තිබෙනවා. එම නිසා මෙම තත්ත්වය අවම කර ගැනීම සඳහා විවිධ වැඩසටහන් ගණනාවක් අප අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කර තිබෙනවා”.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...