spot_img
spot_img

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර් ග්‍රහණය කරගැනීම ගැන තීරණයක්

රජයේ පාසල්වල දැනට ගුරුවරුන් ලෙස සේවයේ නියුක්තව සිටින සංවර්ධන නිලධාරීන්ව ගුරු සේවයට අන්තර් ග්‍රහණය කරගැනීමට ජනාධිපතිවරයා එකඟත්වය පළ කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසා සිටියේ, එම සංවර්ධන නිලධාරීන් පිරිස අභ්‍යාසලාභීන් ලෙස බඳවා ගෙන ගුරු සේවයට අන්තර් ග්‍රහණය කරගන්නා ලෙසට ජනාධිපතිවරයා දැනුම්දුන් බවයි.

අද (03) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා :

“රජයේ පාසල්වල දැනටමත් ගුරුවරුන් ලෙස සේවයේ නියුක්තව සිටින සියලුම සංවර්ධන නිලධාරීන් ගැන රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ මතය අපට එවලා තිබුණා. ඒකට අපි එකඟවුණේ නැහැ අමාත්‍ය මණ්ඩලය විදිහට. ඒ නිසා අපි ආපසු යැව්වා සතියක් තුළ මේ ඊයේ ගත්තු තීන්දුව… සතියක් තුළ අපට දැනුම්දෙන්න මේක ප්‍රායෝගික විසඳන ක්‍රමය ගැන කියලා.

ඒ වගේම ජනාධිපතිවරයා එකඟවුණා එතුමා විසින් මේ 16,000 ප්‍රශ්නය අභ්‍යාසලාභීන් විදිහට අරගෙන ගුරු සේවයට අන්තර් ග්‍රහණය කිරීම පිළිගන්නවා කියලා. මොකද අවුරුදු 05ක් මේ පිරිස පාසල්වල පුහුණු වුණා. මේ අයව කාර්යාලවලට දාන්න බැහැ. අපිට තියෙන්නේ මේ පිරිස මෙතෙනට අරගෙන PGD එකදීලා පුහුණු කරලා පාසල් තුළ තියාගන්න. මේ ටික සම්පූර්ණ වෙනකොට ගුරු වර්ග අනුව පුරප්පාඩු සංඛ්‍යාවක් තියෙනවා මිසක් සීමිත 4,000ක 5,000ක විතර වෙන පුරප්පාඩු 25,000ක් නැහැ.”

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...