spot_img
spot_img

ජනමත විමසුමකින් පරෙවියන් මරන්න යන රටක්

ජර්මනියේ ‘ලිම්බර්ග් ඇන් ඩේර් ලාන් (Limburg an der Lahn) නගරයේ සිටින පරෙවියන් සියලු දෙනා මරා දැමීමට නගර බලධාරීන් තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මුළු පරවි ගහනයම විනාශ කර දැමීමට ජනමත විමසුමක් පවත්වා නගර වැසියන්ගේ කැමැත්ත ලබා ගෙන ඇති බව ද සඳහන් වනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, මෙම නගරයේ පරවියන් දස දහස් ගණනක් ජීවත් වන අතර, කුරුල්ලන්ගේ මළ මූත්‍රා නිසා නගර වැසියන්ට එය හිසරදයක් වී තිබෙන බවයි.

ප්‍රදේශවාසීන් සහ ආපනශාලා හිමියන් සහ වෙළෙන්දන් පවසා ඇත්තේ, තමන් දැනට වසර ගණනාවක සිට නගරයේ පරවියන් නිසා කලකිරීමකින් සිටින බවයි.

පරවියන් ගහනය පාලනය කිරීමට ද හැකියාවක් නැතැයි ප්‍රදේශවාසීන් බලධාරීන්ට පවසා තිබෙනවා.

මේ හේතුවෙන් පසුගිය 20 වැනිදා ජනමත විමසුමක් පවත්වා පරවියන් මරා දැමීමට නගර වැසියන් කැමැත්ත ලබා ගෙන තිබෙනවා.

නමුත් සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් සහ සංවිධාන ඊට එරෙහි වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ජනමත විචාරණය ක්‍රියාත්මක කිරීම පිළිබඳ අවසන් තීරණය තවමත් ගෙන නැතැයි නගරාධිපතිවරයා සඳහන් කරනවා

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...