spot_img
spot_img

ඇමෙරිකාවේ ටික්ටොක් තහනම් කරන්න පනතක්

ලොව පුරා ප්‍රචලිත ටික්ටොක් යෙදවුම සිය රට තුළ තහනම් කිරීමට ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් යෝජනාවක් සම්මත කර තිබෙනවා.

මෙය කෙටුම්පතක් ලෙස නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුළ සම්මත වුවද, එය නීතියක් බවට පත්වීම සඳහා සෙනෙට් සභාවේ සහ ඇමරිකානු ජනාධිපතිවරයා විසින් අත්සන යෙදිය යුතු වනවා.

2012 වසරේ චීන සමාගමක් විසින් ආරම්භ කරන ලද මෙම යෙදවුම හරහා ජාතික ආරක්ෂාවට තර්ජන එල්ල වන බවට මත පළ වී තිබුණා.

නීති සම්පාදකයින් විසින් මෙම කෙටුම්පත සකස් කර ඇත්තේ ඒ අනුවයි.

අදාළ පනතට අනුව “ටික්ටොක්” මව් සමාගමේ අමෙරිකානු ශාඛාව ඉවත් කර ගැනීම සඳහා මාස 6ක කාලයක් ලබාදීමට නියමිතව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එසේ ඉවත් කරගත නොගතහොත් අමෙරිකාව තුළ “ටික්ටොක්” යෙදුම අවහිර වනු ඇති බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...