spot_img
spot_img

කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්

රිමාන්ඩ් භාරයට පත්කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා තමන්ව ඇප මත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිය නීතිඥවරු මාර්ගයෙන් අද (15) කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා.

පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත සිටින තමන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට මහෙස්ත්‍රාත්වරිය දුන් තීන්දුව නීතියට පටහැනි බව එම ඇප ආයදුම්පත තුළින් රඹුක්වැල්ල මහතා කියා සිටිනවා.

ඒ අනුව තමන්ව ඕනෑම කොන්දේසියක් මත ඇප මත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රඹුක්වැල්ල මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිජීවක එන්නත් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයා ඇප මත මුදා හැරීම ඊයේ (14) දින ප්‍රතික්ෂේප කළ මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය ඔහු නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...