spot_img
spot_img

අද සිට වාහන ආනයනයට විශේෂ කොන්දේසි මාලාවක් – මෝටර් රථ වලටත් බදු පැනවෙන්නෙ මෙහෙමයි

වාහන ආනයනය සම්බන්ධව ඊයේ (31) නිකුත් කළ ගැසට්ටුවට අදාලව කොන්දේසි කිහිපයක් මුදල් අමාත්‍යාංශය විසින් නිකුත්කර තිබෙනවා.

ඒ අනුව, එම අමාත්‍යාංශය නිවේදනය කරන්නේ විදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීම, විදේශ විනිමය වැය කරමින් විශාල ප්‍රමාණයෙන් වාහන ආනයනය කර තොග රැස් කිරීම අඩු කිරීම, රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම ආදී කරුණු සැලකිල්ලට ගනිමින්, රට තුළ සිදුවන සාමාන්‍ය ආර්ථික කටයුතු දිරිමත් කිරීමේ සහ ආර්ථික ස්ථාවර භාවය සුරක්ෂිත කිරීමේ අරමුණු සහිතව වාහන ආනයනයට අදාලව එම කොන්දේසි පනවනු ලබන බවයි.

එමෙන්ම, මෝටර් වාහන ආනයනයේ දී වාහනයේ පිරිවැය, රක්ෂණ, නැව් ගාස්තු අගයෙන් 30% ක තීරුබද්දක් අය වන පරිදි, රේගු ආඥාපනතේ 10 (අ) වගන්තිය යටතේ අධිභාරයක් පැනවීම සඳහා 2025 ජනවාරි මස 31 දිනැති අංක 2421/43 දරන ගැසට් නිවේදනය 2025 පෙබරවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට්ටුව ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව, එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ, දැනට ක්‍රියාත්මක 20% ක් වු තීරුබද්ද සහ ඒ මත ක්‍රියාත්මක කරනු ලබන 50% ක අධිහාරය සමඟ රේගු ආඥා පනත (235 වන අධිකාරය) යටතේ මුළු තීරුබදු ලෙස 30% ප්‍රමාණයක් මෝටර් වාහන ආනයනය සඳහා අයවන ලෙස විධිවිධාන සලසා ඇතිබවයි.

මේ අනුව වාහන ආනයනය සම්බන්ධයෙන් පැනවූ විශේෂ කොන්දේසි පහත පරිදි වේ


spot_imgspot_img

Popular

More like this
Related

යාපනය බන්ධනාගාරයේ ආරක්ෂාව තර කෙරේ හමුදාව සහ පොලිසිය සීරුවෙන්

දිවයිනේ බන්ධනාගාර කිහිපයක වාර්තා වන නොසන්සුන්කාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්...

දිස්ත්‍රික්ක හතරක නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන යාවත්කාලීන කෙරේ

දිස්ත්‍රික්ක හතරකට අදාළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන ජාතික ගොඩනැගිලි...

කොමර්ෂල් බැංකුව ලෝකයේ ප්‍රමුඛතම බැංකු 1000 ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස යළි තහවුරු වෙයි

ලොව ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් ලෙස කොමර්ෂල් බැංකුව සිය ස්ථානය...

ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් ප්‍රසිද්ධ ඇගලුම් සමාගමක් ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි

දිගින් දිගටම පවතින අර්බුද හේතුවෙන් ණය ගෙවා ගැනීමට නොහැකි...