spot_img
spot_img

රට පුරා සියලුම සුරාසැල් වැසෙයි – යළි විවෘත කරන දිනය මෙන්න

දිවයින පුරා සියලුම සුරාසැල් හෙට දිනයේ වසා තැබෙන බව වාර්තා වනවා.

ඒ 77 වන ජාතික නිදහස් සමරු උත්සවය හෙටට යෙදී තිබීම හේතුවෙන් බවයි පැවසෙන්නේ.

එම කාලය තුළ බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන මත්පැන් හල්වලට මුද්‍රා තබන බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන්කර සිටියා.

කෙසේවෙතත් අනිද්දා(05) දිනයේ සුරා සැල් යළි විවෘත කෙරෙනු ඇති.

මේ අතර ”‍ජාතික පුනරුදයට පෙළ ගැසෙමු”‍ යන තේමාව යටතේ 77 වන ජාතික නිදහස් සමරු උත්සවය හෙට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතව ඇත.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා පසුගියදා ප්‍රකාශ කළේ, මෙවර ජාතික නිදහස් දින උත්සවය සඳහා සහභාගී වන හමුදා සාමාජිකයින් සංඛ්‍යාව සියයට 40 කින් පමණ අඩුකර ඇති බවයි.

එමෙන්ම, මෙවර නිදහස් දින ආචාර පෙළපාලිය සඳහා සන්නද්ධ රථ කිසිවක් ද එක් කර නොගන්නා බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

spot_imgspot_img

Popular

More like this
Related

යාපනය බන්ධනාගාරයේ ආරක්ෂාව තර කෙරේ හමුදාව සහ පොලිසිය සීරුවෙන්

දිවයිනේ බන්ධනාගාර කිහිපයක වාර්තා වන නොසන්සුන්කාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්...

දිස්ත්‍රික්ක හතරක නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන යාවත්කාලීන කෙරේ

දිස්ත්‍රික්ක හතරකට අදාළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන ජාතික ගොඩනැගිලි...

කොමර්ෂල් බැංකුව ලෝකයේ ප්‍රමුඛතම බැංකු 1000 ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස යළි තහවුරු වෙයි

ලොව ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් ලෙස කොමර්ෂල් බැංකුව සිය ස්ථානය...

ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් ප්‍රසිද්ධ ඇගලුම් සමාගමක් ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි

දිගින් දිගටම පවතින අර්බුද හේතුවෙන් ණය ගෙවා ගැනීමට නොහැකි...