spot_img
spot_img

අද මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල දැනෙන ගණනකින් අඩු කරයි? 2025 නව වසරේ ආරංචිය සුබයි

මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය අද(31) දිනයේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.

කෙසේවෙතත් ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල ද පෙරට වඩා යම් මට්ටමක පහළ යාමක් දකින්ට ලැබේ.

මෙවන් තත්ත්වයක් තුළ අද දිනයේ සිදුවීමට නියමිත ඉන්ධන මිල සංශෝධනයට අනුව පාරිභෝගික ජනතාව ඉන්ධන මිල අඩු වීමක් අපේක්ෂාවෙන් සිටියි.

පසු ගිය මාසයේ ඉන්ධන මිල අඩුකිරීමක් සිදු කළද මෙරට වැඩි පිරිසක් භාවිතා කරන ඉන්ධන වර්ග වල මිල ගණන් අඩු වූයේ නැත.

කෙසේවෙතත් ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5කින් අඩු කරනු ලැබීය.

එහි නව මිල වන්නේ රුපියල් 183කි.

අනෙකුත් කිසිදු ඉන්ධන වර්ගයක මිල සංශෝධනය නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගිය මාසයේ ප්‍රකාශ කළේ ය.

මෙහිදී දැනට පවතින ඉන්ධන මිල ගණන් පහත පරිදි වේ.

ඒ අනුව පසුගිය ආණ්ඩුව ඉන්ධන වලට විශාල බද්දක් පනවා පාරිභෝගික ජනතාවගෙන් සූරාකෑමක් සිදුකරන බවට වත්මන් ආණ්ඩුව බලයට ඒමට පෙර සඳහන් කළ අතර, ඒ අනුව එම බද්ද ඉවත් කිරීමෙන් ඉන්ධන මිල විශාල ගණනකින් අඩු කළ හැකි බවද ඔවුන් ප්‍රකාශ කළේ ය.

කෙසේවෙතත් එසේ ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ප්‍රමුඛ නව ආණඩුවට 3න් 2කටත් වඩා වැඩි බලයක් මේ වන විට රටේ ජනතාව ලබාදී ඇත.

එමනිසා නව වසරේ මෙම මාසයේ අද දිනයේ සිදුකිරීමට නියමිත ඉන්ධන මිල සංශෝධනයට අනුව ජනතාවට දැනෙන ගණනකින් ඉන්ධන මිල ගණන් අඩු කරනු ඇතැයි දැඩි අපේක්ෂාවෙන් පසුවෙයි.

මේ අතර, 2025 දී චීනයේ බොරතෙල් අවශ්‍යතාව මිලියන 200 ට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇති බවත්, ඉන්දියාවේ තෙල් ඉල්ලු‍මේ වර්ධනය 2024 දී චීනයේ වර්ධනය ඉක්මවා ගිය අතර 2025 දී ද එය දිගටම පවතිනු ඇති බවත් විශ්ලේෂකයන් මත පළ කරනවා.

තවද චීනයේ ආර්ථික මන්දගාමිත්වය, වේගයෙන් වර්ධනය වන විදුලි වාහන අංශය සහ විදුලි වාහන සඳහා රජයේ සහනාධාර එරට තෙල් ඉල්ලු‍මට බලපෑම් කරමින් පවතින බව ද සඳහන්.

spot_imgspot_img

Popular

More like this
Related

යාපනය බන්ධනාගාරයේ ආරක්ෂාව තර කෙරේ හමුදාව සහ පොලිසිය සීරුවෙන්

දිවයිනේ බන්ධනාගාර කිහිපයක වාර්තා වන නොසන්සුන්කාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්...

දිස්ත්‍රික්ක හතරක නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන යාවත්කාලීන කෙරේ

දිස්ත්‍රික්ක හතරකට අදාළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන ජාතික ගොඩනැගිලි...

කොමර්ෂල් බැංකුව ලෝකයේ ප්‍රමුඛතම බැංකු 1000 ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස යළි තහවුරු වෙයි

ලොව ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් ලෙස කොමර්ෂල් බැංකුව සිය ස්ථානය...

ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් ප්‍රසිද්ධ ඇගලුම් සමාගමක් ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි

දිගින් දිගටම පවතින අර්බුද හේතුවෙන් ණය ගෙවා ගැනීමට නොහැකි...