spot_img
spot_img

හිරියාල සමූපයේ ලොක්කෝ ලක්ෂ 117ක් වියදම් කර රට සවාරි ගිහින්

හිරි­යාල විවිධ සේවා සමු­ප­කාර සමි­තියේ මහා සභාවේ සාමා­ජි­ක­යන් පිරි­සක් සමි­තියේ මුදල් රුපි­යල් එක්කෝටි දහ­හත් ලක්ෂ­යක් විය­දම් කර උතුරු ඉන්දි­යාවේ සංචා­ර­ය­කට යෑමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් වයඹ පළාත් ආණ්ඩු­කා­ර­ව­ර­යාගේ නිය­ම­යෙන් විශේෂ විම­ර්ශ­න­යක් ආරම්භ කර තිබේ.

ඉබ්බා­ග­මුව සමු­ප­කාර සමි­තියේ සාමා­ජි­ක­යන් පිරි­සක් විසින් කරන ලද පැමි­ණි­ල්ලක් සැල­කි­ල්ලට ගෙන ආණ්ඩු­කාර තිස්ස වර්ණ­සූ­රිය මහතා මේ ක්‍රියාව සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­න­යක් පව­ත්වන ලෙස වයඹ පළාත් සමු­ප­කාර සංව­ර්ධන කොම­සා­රි­ස්ව­ර­යාට උප­දෙස් දී ඇත.

මෙම සංචා­රය සඳහා මහා සභා අනු­මැ­තිය යටතේ සමු­ප­කාර සමි­ති­යට අයත් ග්‍රාමීය බැංකු අර­මු­ද­ලින් ප්‍රථ­ම­යෙන් රුපි­යල් කෝටි­යක මුද­ලක් වෙන් කර­ගෙන තිබෙන බව ද පසුව එම මුදල ප්‍රමා­ණ­වත් නොවීම හේතු­වෙන් නැවත ලක්ෂ 17ක මුද­ලක් වෙන් කර­ගෙන ඇති බව ද වාර්තා වේ.

නමුත් නිසි පරිදි මහා සභා අනු­මැ­ති­ය­කින් තොරව දෙවැනි වරට ලක්ෂ 17ක මුදල වෙන් කර­ගෙන ඇති බව ද පැවසේ. මෙම මුදල් සමි­තියේ ලාභාංශ ලෙස සඳ­හන් කර­මින් ලබා­ගෙන ඇති බව ද කියයි.

වයඹ සමු­ප­කාර ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග සඳ­හන් කරන ආකා­ර­යට එම සංචා­ර­යට සහ­භාගි වූ පිරිසේ ගමන් විය­ද­මට අම­ත­රව වෙනත් පෞද්ග­ලික විය­දම් වෙනු­වෙන් ද සමු­ප­කාර සමි­ති­යට අයත් මෙප­මණ විශාල මුද­ලක් ලබා ගෙන ඇති බව කියයි.

මෙම ඉන්දීය සංචා­රය සඳහා හිරි­යාල විවිධ සේවා සමු­ප­කාර සමි­තියේ මහා සභාවේ සාමා­ජි­ක­යන් 29 දෙනකු සහ­භාගි කරවා ගෙන ඇත. දෙවැනි වරට ලබා­ගත් රුපි­යල් ලක්ෂ 17ක මුදල අනු­මත කර ගැනීම සඳහා අද (31) දිනයේ මහා සභා රැස්වී­මක් කැඳවා තිබුණ ද එම රැස්වීම නොප­ව­ත්වාම අදාළ මුදල ලබා ගෙන මෙම පිරිස පසු­ගිය 28 වැනි දිනයේ ඉන්දි­යාව බලා ගොස් ඇති බව ද වාර්තා වේ. මේ අනුව සංචා­රය සඳහා එක් සාමා­ජි­ක­ය­කුට වෙන් වී ඇති මුදල රුපි­යල් ලක්ෂ 4 ඉක්ම­වයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...