spot_img
spot_img

ශ්‍රී ලංකාව තවත් අනාථ කඳවුරක් වීමේ අවධානමක්

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඊයේ (9) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, ඉදිරි දිනවලදී අනවසර සංක්‍රමණිකයින් ලක්ෂයක් රටට පැමිණීමේ අවදානමක් පවතින බව බුද්ධි අංශ වාර්තා කර ඇති බවයි.

පසුගියදා රටට ඇතුළු වූ මියන්මාර් අනවසර සංක්‍රමණිකයන් 116දෙනා මෙරටට පැමිණ ඇත්තේ කෝටි ගනනක් මුදල් ගෙවා බවත්, එම කණ්ඩායමෙන් සහ බුද්ධි තොරතුරු අනුව හෙළි කරගත් තොරතුරු අනුව මෙම ක්‍රියාවලිය ජාවාරමක් ලෙස සිදුවන්නක් බවද අමාත්‍යවරයා කරුණු ඉදිරිපත් කළේය.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා මෙසේද පැවසුවා.

“මියන්මාර් අනවසර සංක්‍රමණිකයන් 116ක් රටට ඇතුළු වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරමින් පවතිනවා. ඔවුන් මුදල් ගෙවලා තමයි මේ ජාවාරමට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඔවුන් එරට මුදලින් ලක්ෂ 500ක් පමණ ගෙවලා තියෙනවා. ඊට අමතරව මේ ගමනාගමනය සඳහා රටේ මුදලින් ලක්ෂ 800ක් පමණ සංවිධායකවරුන්ට ගෙවලා තියෙනවා. මේ සම්බන්ධයෙන් පොලීසියෙන් විමර්ශනයක් කරගෙන යනවා.”

ඔවුන් සරණාගතයින් ලෙස හඳුනාගන්නේ නම් ඒ අනුව කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ජාත්‍යන්තර නීතියට අනුව කටයුතු කරන්නත් අපි සූදානම්. මේ වෙනකොට ඔවුන්ට අවශ්‍ය පහසුකම් කෑම බීම ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා අපි දීලා තියෙනවා.”

දැනට පොලීසිය පවත්වාගෙන යන විමර්ශන අනුව සහ බුද්ධි අංශ වාර්තා කරලා තියෙන කරුණු අනුව මෙවැනි අනවසර සංක්‍රමණිකයින් ලක්ෂයක් ඉදිරි දිනවලදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ අපේ රටේ සමාජ ප්‍රශ්නයක් ලෙස හඳුනාගන්නවා.”

spot_imgspot_img

Popular

More like this
Related

යාපනය බන්ධනාගාරයේ ආරක්ෂාව තර කෙරේ හමුදාව සහ පොලිසිය සීරුවෙන්

දිවයිනේ බන්ධනාගාර කිහිපයක වාර්තා වන නොසන්සුන්කාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්...

දිස්ත්‍රික්ක හතරක නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන යාවත්කාලීන කෙරේ

දිස්ත්‍රික්ක හතරකට අදාළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන ජාතික ගොඩනැගිලි...

කොමර්ෂල් බැංකුව ලෝකයේ ප්‍රමුඛතම බැංකු 1000 ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස යළි තහවුරු වෙයි

ලොව ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් ලෙස කොමර්ෂල් බැංකුව සිය ස්ථානය...

ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් ප්‍රසිද්ධ ඇගලුම් සමාගමක් ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි

දිගින් දිගටම පවතින අර්බුද හේතුවෙන් ණය ගෙවා ගැනීමට නොහැකි...