spot_img
spot_img

2025 අය වැය මෙන්න (විසර්ජන පනත් කෙටුම්පත)

– රජයේ වියදම බිලියන 4218යි
– වැඩිම මුදල මුදල් අමාත්‍යාංශයට
– සෞඛ්‍යයට-ජනමාධ්‍යයට බිලියන 508ක්
– ආරක්ෂක අමාත්‍යාංශයට බිලියන 442ක්
– අධ්‍යාපනයට-උසස් අධ්‍යාපනයට බිලියන 271ක්
– කෘෂිකර්ම-ඉඩම්-වාරිමාර්ග බිලියන 208ක්

රුපියල් බිලියන 4218 (රු.4,218,248,018,000) රජයේ වියදම් ඇතුළත් 2025 වසරේ විසර්ජන පනත් කෙටුම්පත අගමැති හරිනි අමරසූරිය මෙණෙවිය පාර්ලිමේන්තුවට ඊයේ (09) ඉදිරිපත් කළාය.

විසර්ජන පනත් කෙටුම්පත ඊයේ ඉදිරිපත් කිරීමෙන් පසුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පෙබරවාරි 17 වැනිදා අය-වැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

විසර්ජන පනත් කෙටුම්පතට අනුව රුපියල් බිලියන 2,898ක් (රු.898,098,018,000) පුනරාවර්තන වියදම් ලෙස වෙන් කර ඇත.

මෙම විසර්ජන පනත් කෙටුම්පත මඟින් වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට වන අතර එය රුපියල් බිලියන 714කි.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයට රුපියල් බිලියන 508.4ක්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට රුපියල් බිලියන 496.5ක්, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට රුපියල් බිලියන 473.4ක්, ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් බිලියන 442ක්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයට රුපියල් බිලියන 271ක්, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයට රුපියල් බිලියන 208.7ක් මෙවර අය-වැයෙන් වෙන් කර ඇත.

මේ අතර ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය ලෙස රුපියල් බිලියන 2.99ක් (රු.2,992,980,000) සහ අග්‍රාමාත්‍ය කාර්යාලයට බිලියන 1.17ක් (1,170,000,000) වෙන් කර ඇත.

මෙම 2025 විසර්ජන පනත් කෙටුම්පත හරහා අමාත්‍යාංශ 24කට වෙන් වෙන් වශයෙන් වෙන් කර ඇති මුදල් පහත පරිදි වේ.

බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය – රුපියල් බිලියන 13.7ක් (රු.13,725,000,000)

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය – රුපියල් බිලියන 714ක් (රු.714,177,500,000)

ආරක්ෂක අමාත්‍යාංශය – රුපියල් බිලියන 442ක් (රු. 442,000,000,000)

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය – රුපියල් බිලියන 54.1ක් (රු.54,106,500,000)

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය – රුපියල් බිලියන 508.4ක් (රු.508,499,998,000)

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය – රුපියල් බිලියන 21.4ක් (රු.21,463,000,000)

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය – රුපියල් බිලියන 2.56ක් (රු.2,564,000,000)

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය – රුපියල් බිලියන 473.4ක් (රු.473,410,000,000)

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග – රුපියල් බිලියන 208.7ක් (රු.208,722,000,000)

බලශක්ති අමාත්‍යාංශය – රුපියල් බිලියන 21.1ක් (රු. 21,142,000,000)

නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය – රුපියල් බිලියන 101.2ක් (රු.101,282,000,000)

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය – රුපියල් බිලියන 30ක් (රු. 30,050,000,000)

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය – රුපියල් බිලියන 271ක් (රු.271,000,000,000)

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය – රුපියල් බිලියන 496.5ක් (රු.496,500,000,000)

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය – රුපියල් බිලියන 16.7ක් (රු.16,738,000,000)

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය – රුපියල් බිලියන 13.4ක් (රු.13,443,000,000)

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය – රුපියල් බිලියන 11.4ක් (රු.11,440,000,000)

පරිසර අමාත්‍යාංශය – රුපියල් බිලියන 16.04ක් (රු. 16,040,000,000)

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය – රුපියල් 14.52ක් (රු. 14,526,000,000)

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය – රුපියල් බිලියන 13.62ක් (රු. 13,623,000,000)

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය – රුපියල් බිලියන 175.44ක් (රු.175,445,000,000)

කම්කරු අමාත්‍යාංශය – රුපියල් බිලියන 6.07ක් (රු. 6,070,000,000)

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය – රුපියල් බිලියන 12.1ක් (රු.12,100,000,000)

විද්‍යාව සහ තාක්ෂණ අමාත්‍යාංශය – රුපියල් බිලියන 5ක් (රු.5,000,000,000) වෙන් කර ඇත.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...