spot_img
spot_img

වහාම ක්‍රියාත්මක වන පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට නතරවෙන දේ මෙන්න

පෞද්ගලික අංශයට සහල් ආනයනය කිරීමට ලබාදී තිබූ කාලය අද (10 ) මධ්‍යම රාත්‍රියෙන් අවසන්වීමට නියමිතව තිබෙනවා.

සහල් ආනයනය සඳහා ඉකුත් දෙසැම්බර් මස 04 වැනිදා සිට 20 වැනිදා දක්වා පෞද්ගලික අංශයට අවස්ථාව ලබාදී තිබූ අතර එය යළි අද (10) දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇති බවයි පැවසෙන්නේ.

පෙරේදා (08) දහවල් 12 වන විට ආනයනය කර රේගුවෙන් නිශ්කාෂණය කර තිබූ සමස්ත සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 115,000 ක් බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත්, රතු කැකුළු සහල් මෙට්‍රික් ටොන් 2,600 ක් ආනයනය කිරීම සඳහා ලංකා සතොස ආයතනය විසින් ලංසු කැඳවා ඇත.

ලංකා සතොස ආයතනය විසින් මීට පෙරදී ද සහල් මෙට්‍රික් ටොන් 5,200 බැගින් ටෙන්ඩර් දෙකක් විවෘත කිරීමට අදාළව ලංසු කැඳවූ අතර එම ටෙන්ඩර් දෙකම ප්‍රතික්ෂේප වුණා.

රතු කැකුළු ආනයනය කිරීමට අදාළව ලංසු කැඳවීම පෙරේදා (09) ආරම්භ කෙරුණු අතර එය මෙම 16 වැනිදායින් අවසන් වීමට නියමිතව ඇත.

spot_imgspot_img

Popular

More like this
Related

යාපනය බන්ධනාගාරයේ ආරක්ෂාව තර කෙරේ හමුදාව සහ පොලිසිය සීරුවෙන්

දිවයිනේ බන්ධනාගාර කිහිපයක වාර්තා වන නොසන්සුන්කාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්...

දිස්ත්‍රික්ක හතරක නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන යාවත්කාලීන කෙරේ

දිස්ත්‍රික්ක හතරකට අදාළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන ජාතික ගොඩනැගිලි...

කොමර්ෂල් බැංකුව ලෝකයේ ප්‍රමුඛතම බැංකු 1000 ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස යළි තහවුරු වෙයි

ලොව ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් ලෙස කොමර්ෂල් බැංකුව සිය ස්ථානය...

ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් ප්‍රසිද්ධ ඇගලුම් සමාගමක් ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි

දිගින් දිගටම පවතින අර්බුද හේතුවෙන් ණය ගෙවා ගැනීමට නොහැකි...