ශ්‍රී ලංකාවට එරෙහිව පැවති තුන්වන 20-20 තරඟයේදී ICC චර්යාධර්ම කඩ කිරීම සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රීඩක තව්හිඩ් රිඩෝයි හට ඔහුගේ තරඟ ගාස්තුවෙන් 15% ක දඩයක් නියම කර තිබෙනවා.
මෙයට අමතරව, මාස 24 ක කාලය තුළ සිදු වූ පළමු වරද වෙනුවෙන් තව්හිඩ් රිඩෝයිගේ විනය වාර්තාවට එක් අප්‍රසාද ලකුණක් ද එකතු කර තිබෙනවා.
ඒ, බංග්ලාදේශ ඉනිමේ සිවුවැනි ඕවරයේදී මෙම සිදුවීම සිදු වූ අතර, දැවී යාමෙන් පසු නැවත යන අතරතුර ටෝහිඩ් ආපසු හැරී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමඟ බහින්බස් වීමක් ඇති කර ගැනීම හේතුවෙන්.
තව්හිඩ් රිඩෝයිද තම වරද පිළිගෙන තිබෙනවා.




