spot_img
spot_img

සජබය බේරාගන්න අලුත් බලවේගයක්

සමගි ජන බලවේගයට පැමිණ සිටින සමහරු අවස්ථාවාදීන් බවත් කාලෙකට සැරයක් එන බොරුකාරයන් බවත් එම අවස්ථාවාදීන්ගෙන් පක්ෂය බේරාගත යුතු බව එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසව්නවා.

එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එකතු නොවී මේ අයුරින් ඉදිරියට ගියොත් ඉදිරියේදී ජාතික ජන බලවේගය නොව අපේම කණ්ඩායම් අපට අභියෝගයක් වෙන බවද සංවිධායක තිස්ස අත්තනායක සදහන් කරයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක :

“තව දවස් කිහිපයකින් අලුත් අවුරුද්ද එනවා. අපේ අපේක්ෂාව ජනතාවට කරදර නැති වසරක් වෙන එක. අපි ප්‍රාර්ථනා කරනවා ජනතාවට සුබවාදී වසරක් වේවා කියලා. මේ ආර්ථික අර්බුදය හමුවේ ආණ්ඩුව මොන විදිහට උත්තර හොයනවද කියලා තේරෙන්නේ නෑ. හාල්, පොල් ඇතුළු අත්‍යවශ්‍ය භාණඩවල හිඟයක් තියෙනවා.

ආණ්ඩුවට කියනවා අසීමිත ජනවරම පාවිච්චි කරලා ජනතාවගේ ප්‍රශ්න විසඳන්න කියලා. ජනාධිපතිවරයා සහ ආණ්ඩුව මාධ්‍ය සංදර්ශන පවත්වන්න උත්සාහ කරනවා. ආණ්ඩුව පත් කරන්න මැදිහත් වුණු අයගේ ප්‍රතිචාර දැන් අපිට පේනවා. සමහර මැති ඇමැතිවරු මාධ්‍ය මගහරිනවා. අපි ඉතිහාසයට බැනලා වැඩක් නෑ. ජනාධිපතිවරයාගේ චීන සංචාරයක් පිළිබඳ කතා වෙනවා.

ගෑස් සිලින්ඩරය හා දුරකථනය අතර විරසකභාවය නිසයි ජාතික ජන බලවේගය දින්නේ. මෙරට පළවෙනි වතාවට වාමාංශික හා දක්ෂිණාංශික කියලා දෙකක් ආවා. දක්ෂිණාංශික කණ්ඩායම් බෙදීම නිසා වාමාංශික අයට වාසිය ගියා, සිලින්ඩරය නිසා දුරකථනයට වුණු බලපෑම තේරුම්ගෙන දෙක එකට කරලා ව්‍යාපාරයක් හැදුවේ නැත්නම් ගැටලුවක් තියෙනවා.

මේ දෙක අතර එකතු වී අලුත් බලවේගයක් නිර්මාණය කළ යුතුයි. අකැමැති අය පසෙකින් තබා කැමැති අය එකතුවිය යුතුයි. සමගිය හා එක්සත් ජාතික පක්ෂය වෙන පාරවල්වල ගියොත් ඊළඟ මැතිවරණ වල ජයග්‍රහණය ලබා ගැනීම අතිශය අසීරුයි. එහෙම නොවුණොත් තුන්වෙනි පාර්ශ්වයකට බලය යනවා.”

spot_imgspot_img

Popular

More like this
Related

යාපනය බන්ධනාගාරයේ ආරක්ෂාව තර කෙරේ හමුදාව සහ පොලිසිය සීරුවෙන්

දිවයිනේ බන්ධනාගාර කිහිපයක වාර්තා වන නොසන්සුන්කාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්...

දිස්ත්‍රික්ක හතරක නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන යාවත්කාලීන කෙරේ

දිස්ත්‍රික්ක හතරකට අදාළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන ජාතික ගොඩනැගිලි...

කොමර්ෂල් බැංකුව ලෝකයේ ප්‍රමුඛතම බැංකු 1000 ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස යළි තහවුරු වෙයි

ලොව ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් ලෙස කොමර්ෂල් බැංකුව සිය ස්ථානය...

ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් ප්‍රසිද්ධ ඇගලුම් සමාගමක් ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි

දිගින් දිගටම පවතින අර්බුද හේතුවෙන් ණය ගෙවා ගැනීමට නොහැකි...