spot_img
spot_img

කෝටි 5,000ක වැට් බදු නොගෙවු ආනයනකරුවන්

පිරිපහදු පොල් තෙල් ආනයනකරුවන් රුපියල් කෝටි 5,000ක වැට් බදු ගෙවා නැතැයි පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති බුද්ධික සිල්වා චෝදනා කරනවා.

මෙම එක් ආනයනකරුවකු පසුගිය රජය සමයේ සීනි ආනයනය කරන ලද කන්ටේනරයක සඟවා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට චෝදනා ඇති බවත් ආන්දෝලනාත්මක සීනි බදු වංචාවට පවා මොහු සම්බන්ධ බවද ඔහු සදහන් කරයි.

මෙම පිරිපහසු නොකළ හා පිරිපහදු කළ පොල් තෙල් ආනයන කරුවන් අතර තිදෙනෙකු සිටින බවත් විවිධ නම් වලින් පවත්වා ගෙන යන ආයතන 6ක් ඔවුන් සතු බවත් පිරිපහදු නොකළ පොල් තෙල් කිලෝ මිලියන 39,000ක් රටට ගෙනැවිත් ඇති බවද ඔහු සදහන් කරයි.

කෙසේ වෙතත් ආනයනකරුවන්ට ලබාදී ඇති බදු සහන හේතුවෙන් පිරිසිදු දේශීය පොල් තෙල් කම්හල් 98%ක් පමණ දැනට වැසී ගොස් කර්මාන්තයේ යෙදී සිටි ලක්ෂ 4ක් පාරට වැටී ඇතැයිද ඔහු තවදුරටත් සදහන් කරයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...