spot_img
spot_img

චීනයේ ඉන්ෆ්ලුවෙන්සාව වසංගතයක් නොවෙයි – සීත සෘතු ශ්වසන රෝග තත්ත්වයක්

මේ වන විට ගෝලීය අවධානයට ලක්වී ඇති කොවිඩ් වයිරසයේ රෝග ලක්ෂණවලට සමානව චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින උණ හා සෙම්ප්‍රතිශ්‍යාව සහිත ඉන්ෆ්ලුවෙන්සා රෝග තත්ත්වය සීත සෘතුවේ පැතිරෙන ශ්වසන රෝගයක් බව නිවේදනයක් නිකුත් කරමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාඕ නිං සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. චීන පුරවැසියන්ගේ සහ සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ චීන රජය චීන පුරවැසියන්ගේ සහ විදේශිකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ දැඩි සැලකිල්ලෙන් යුතුව පසුවන බවයි.

කොවිඩ් වසංගතයෙන් දැඩි බලපෑම් එල්ල වූ ඉන්දියාවේ සෞඛ්‍ය බලධාරීන් ද චීනයේ ව්‍යාප්ත වන ශ්වසන රෝග තත්ත්වය පිළිබඳ දැඩි අවධානයෙන් යුතුව සිටින බවත්, එම තත්ත්වය සාමාන්‍යයෙන් සීත සෘතුවේදී ව්‍යාප්ත වන රෝගී තත්ත්වයක් බැවින් නොසන්සුන්වීමට හේතුවක් නැති බවත් ඉන්දියාවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අතුල් ගෝල් ප්‍රකාශ කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...