spot_img
spot_img

ලබන 08 වැනිදා සිට ශිෂ්‍යත්ව පිළිතුරු පත්‍ර ඇගයීමට සූදානම්

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු මේ මස 8 වැනිදා සිට 12 වැනිදා දක්වා දිවයින පුරා සිදු කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත ජයසුන්දර සිළුමිණට පැවැසීය. සාමාන්‍ය ක්‍රමවේදයට අනුව ප්‍රතිඵල නිකුත් කිරීමට එදින සිට දින 40 ක් පමණ ගත වන බවත්, මෙවර එම කාලය තවත් අවම කර ඉක්මනින් ප්‍රතිඵල නිකුත් කිරීමට හැකි සෑම උත්සාහයක්ම දරන බවත් කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.

මේ පිළිබඳව අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා මෙසේද සඳහන් කළා.

“උසාවි තීන්දුවට අනුව ගැටලුකාරි ප්‍රශ්න 3ට නිදහස් ලකුණු ලබා දී ශිෂ්‍යත්ව විභාග ඇගැයීම් කටයුතු ආරම්භ කරන්න තීරණය කළා.

මේ තීරණයේ නීත්‍යනුකූල බව පිළිබඳ විවිධ අය විමසීම් කළා. ඒ තීරණය උසාවි නියෝගයට පටහැණි වේද නැතිනම් ගැටලු මතුවේද යන්න නැවතත් නීතිපති දෙපාර්තමේන්තුව හරහා ස්ථිර කිරීමක් කර ගත්තා. ඒ අනුව මේ තීරණය නීත්‍යනුකූල බව තහවුරු වුණා.

මේ වන විට විභාගය පවත්වා මාස තුනහාමාරක පමණ කාලයක් ගත වී තියෙනවා. නව පාසල් වාරය ජනවාරි 27 වැනිදා ආරම්භ කෙරෙනවා. මෙවර ප්‍රතිඵල ඇගැයීමේදී අභියෝග ගොඩාක් තියෙනවා. උසස් පෙළ ඇගැයීම් කටයුතු පසුගිය 2 වැනිදා ආරම්භ කළා. එය අඛණ්ඩව ඉදිරියට යනවා. කවදාවත් ප්‍රධාන විභාගයන් දෙකක ඇගැයීම් කටයුතු එකවිට සිදු වන්නේ නැහැ. මෙය විභාග ඉතිහාසයේ සංකීර්ණ අවස්ථාවක්. නමුත් මේ විභාග දෙකම කල් දැමිය යුතු විභාග නොවන හෙයින් ඒ අභියෝගය භාර ගනිමින් විභාග ඇගැයීම් කටයුතු සමාන්තරව සිදුකෙරෙනවා. මේ සඳහා අදාළ නිලධාරීන් දිගටම කාර්යයේ යෙදෙනවා. කුමන බාධා මැද වුවද හැකි ඉක්මනින් ශිෂ්‍යත්ව හා උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කරන්නට උත්සහ කරනවා.“

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...