spot_img
spot_img

පුංචි ඡන්දයේ සංශෝධිත පනත් කෙටුම්පත මැති සබයට

පළාත් පාලන මැතිවරණ සංශෝධිත පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ , මේ වනවිට පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති බවයි.

පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය ඉදිරියේදී අභියෝගයකට ලක් නොකළහොත් එය මේ මාසයේදි ම සම්මත කරගැනිමට හැකියාව ලැබෙන බව ඔහු ප්‍රකාශ කළා.

ඉන් අනතුරුව සාමාන්‍ය පෙළ විභාගයටද බාධාවක් නොවන පරිදි අප්‍රේල් මාසයට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට රජය සැලසුම් කර තිබෙනවා.

2023 වසරේ ප්‍රකාශයට පත් කළ පළාත් පාලන මැතිවරණය පැවැත්විමට නොහැකිවූයේ ඒ සඳහා මහා භාණ්ඩාගාරයෙන් මූල්‍ය ප්‍රතිපාදන නිසි පරිදි ලබා නොදීම ‍හේතුවෙන්.

ඒ අනුව නවක ඡන්ද දායකයින්ටද අවස්ථාව සලසා දීමේ අරමුණින් මැතිවරණය සඳහා භාරදුන් නාම යෝජනා අවලංගු කිරීමට පසුගියදා කැබිනට් මණ්ඩලය තීරණය කළා.

spot_imgspot_img

Popular

More like this
Related

යාපනය බන්ධනාගාරයේ ආරක්ෂාව තර කෙරේ හමුදාව සහ පොලිසිය සීරුවෙන්

දිවයිනේ බන්ධනාගාර කිහිපයක වාර්තා වන නොසන්සුන්කාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්...

දිස්ත්‍රික්ක හතරක නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන යාවත්කාලීන කෙරේ

දිස්ත්‍රික්ක හතරකට අදාළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන ජාතික ගොඩනැගිලි...

කොමර්ෂල් බැංකුව ලෝකයේ ප්‍රමුඛතම බැංකු 1000 ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස යළි තහවුරු වෙයි

ලොව ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් ලෙස කොමර්ෂල් බැංකුව සිය ස්ථානය...

ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් ප්‍රසිද්ධ ඇගලුම් සමාගමක් ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි

දිගින් දිගටම පවතින අර්බුද හේතුවෙන් ණය ගෙවා ගැනීමට නොහැකි...