spot_img
spot_img

ශ්‍රී ලංකාව ලකුණු 7 කින් නවසීලන්තය පරදවයි

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ නෙල්සන්හිදී අද (2) පැවති තුන්වැනි සහ අවසන් විස්සයි20 තරගයෙන් ශ්‍රී ලංකා පිල ලකුණු 7 ක තියුණු ජයක් ලැබුවා.

පළමු තරග දෙක ජය ලබා සිටි නවසීලන්තය තරගාවලියේ ජය 2-1 ක් ලෙස හිමි කර ගත්තා.

ජයග්‍රහණය සඳහා ලකුණු 219 ක ඉලක්කය හඹා ගිය නවසීලන්ත පිලට ඕවර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 211 ක් පමණි.
කුසල් ජනිත් පෙරේරා විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා පන්දු 46 කදී හතරේ පහර 13 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 101 ක් රැස්කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා පිල ඕවර 20 කදී කඩුලු 5 ට 218

(පැතුම් නිස්සංක 14, කුසල් මෙන්ඩිස් 22, කුසල් පෙරේරා 101, චරිත් අසලංක 46, අවිෂ්ක ප්‍රනාන්දු 17)
නවසීලන්තය ඕවර 20 කදී කඩුලු 7 ට 211
(ටිම් රොබින්සන් 37, රන්චි රවීන්ද්‍ර 69, ඩර්ලි මිචෙල් 35, වනිදු හසරංග 38/2, චරිත් අසලංක 50/3)

spot_imgspot_img

Popular

More like this
Related

යාපනය බන්ධනාගාරයේ ආරක්ෂාව තර කෙරේ හමුදාව සහ පොලිසිය සීරුවෙන්

දිවයිනේ බන්ධනාගාර කිහිපයක වාර්තා වන නොසන්සුන්කාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්...

දිස්ත්‍රික්ක හතරක නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන යාවත්කාලීන කෙරේ

දිස්ත්‍රික්ක හතරකට අදාළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන ජාතික ගොඩනැගිලි...

කොමර්ෂල් බැංකුව ලෝකයේ ප්‍රමුඛතම බැංකු 1000 ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස යළි තහවුරු වෙයි

ලොව ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් ලෙස කොමර්ෂල් බැංකුව සිය ස්ථානය...

ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් ප්‍රසිද්ධ ඇගලුම් සමාගමක් ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි

දිගින් දිගටම පවතින අර්බුද හේතුවෙන් ණය ගෙවා ගැනීමට නොහැකි...