spot_img
spot_img

රටේම පාසල් දරුවන් ගැන අගමැතිනිය දැඩි තීරණයක් ගනී

රටේ සිටින පාසල් දරුවන් පාසලෙන් ඈත් වීම පිළිබඳව සොයා බැලිය යුතු බවත් කුමන හේතුවක් මත හෝ දරුවන්ට අධ්‍යාපන අවස්ථා මගහැරීම නතර විය යුතු බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සදහන් කළාය.

කුමන සමාජ, ආර්ථික හේතුවක් පදනම් කරගෙන හෝ දරුවන්ට අධ්‍යාපනය මගහැරීමට ඉඩ නොදිය යුතු බවත් පූර්ව ළමාවිය සංවර්ධනයේ සිට 13 වසරක පාසල් අධ්‍යාපනය මෙන්ම උසස් අධ්‍යාපනය සදහා ඉඩ ප්‍රස්ථා සෑම දරුවෙකුටම විවර වී තිබිය යුතු බවද අග්‍රාමාත්‍යවරිය සදහන් කළා.

වර්තමානයේ පාසල්වල අ.පො.ස උසස් පෙළ පන්ති කාමර තුළ දරුවන්‍ රැඳී සිටින්නේ ඉතා අඩුවෙන් බවත් පිරිමි දරුවන් අධ්‍යාපන කටයුතු වලින් බොහෝදුරට ඈත්වෙමින් සිටින බවද අග්‍රාමාත්‍යවරිය සදහන් කළා.

මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පැවසුවා.

spot_imgspot_img

Popular

More like this
Related

යාපනය බන්ධනාගාරයේ ආරක්ෂාව තර කෙරේ හමුදාව සහ පොලිසිය සීරුවෙන්

දිවයිනේ බන්ධනාගාර කිහිපයක වාර්තා වන නොසන්සුන්කාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්...

දිස්ත්‍රික්ක හතරක නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන යාවත්කාලීන කෙරේ

දිස්ත්‍රික්ක හතරකට අදාළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන ජාතික ගොඩනැගිලි...

කොමර්ෂල් බැංකුව ලෝකයේ ප්‍රමුඛතම බැංකු 1000 ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස යළි තහවුරු වෙයි

ලොව ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් ලෙස කොමර්ෂල් බැංකුව සිය ස්ථානය...

ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් ප්‍රසිද්ධ ඇගලුම් සමාගමක් ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි

දිගින් දිගටම පවතින අර්බුද හේතුවෙන් ණය ගෙවා ගැනීමට නොහැකි...