spot_img
spot_img

පාර්ලිමේන්තු ලොක්කෝ තවත් 3ක් CIDයට

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් වැරදි ආකාරයට ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවේ තවත් ප්‍රධානීන් තිදෙනෙකුගේ ඉදිරි දිනවල ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතයි.

පාර්ලිමේන්තුවේ සභා නායක කාර්යාලයේ සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ ප්‍රධානීන් තිදෙනෙකුගෙන් මෙසේ ප්‍රශ්න කෙරෙනු ඇති.

මේ අතර එම වෙබ් අඩවියට තොරතුරු ඇතුළත් කිරීමේ කටයුතු කරන සභා ලේඛන කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රසන්න කුමාරසිංහ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (30) පැය දෙකකට වැඩි කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ බුද්ධික මනතුංග මහතා පැවසුවා.

සභානායක කාර්යාලයෙන් ඒවා තිබූ ලිපියක අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවිය පැහැදිලිව සඳහන්ව තිබූ බව කුමාරසිංහ මහතා ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.

එම ලිපිය සභානායක කාර්යාලයට එවා ඇතැයි පැවසෙන්නේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයෙනි.

ඒ අනුව එම කාර්යාල දෙකේ ප්‍රධානීන් තිදෙනෙකුගෙන් මෙසේ ප්‍රශ්න කෙරෙනු ඇති.

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජයේ දැඩි ආන්දෝලනාත්මක කතාබහක් ඇතිවිය.

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ තමාගේ නම ඉදිරියෙන් එලෙස ආචාර පදවියක් සඳහන් කිරීමෙන් අපහාසයක් සිදු වූ බව පවසමින් සුදර්ශන නානායක්කාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය දා පැමිණිල්ලක් කළේය.

එම දෙපාර්තමේන්තුව මෙම පරීක්ෂණය ආරම්භ කළේ ඒ අනුවය.

සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කණ්ඩායමක් පසුගිය 20වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණ අදාළ සේවකයන්ගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළා.

spot_imgspot_img

Popular

More like this
Related

යාපනය බන්ධනාගාරයේ ආරක්ෂාව තර කෙරේ හමුදාව සහ පොලිසිය සීරුවෙන්

දිවයිනේ බන්ධනාගාර කිහිපයක වාර්තා වන නොසන්සුන්කාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්...

දිස්ත්‍රික්ක හතරක නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන යාවත්කාලීන කෙරේ

දිස්ත්‍රික්ක හතරකට අදාළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන ජාතික ගොඩනැගිලි...

කොමර්ෂල් බැංකුව ලෝකයේ ප්‍රමුඛතම බැංකු 1000 ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස යළි තහවුරු වෙයි

ලොව ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් ලෙස කොමර්ෂල් බැංකුව සිය ස්ථානය...

ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් ප්‍රසිද්ධ ඇගලුම් සමාගමක් ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි

දිගින් දිගටම පවතින අර්බුද හේතුවෙන් ණය ගෙවා ගැනීමට නොහැකි...