spot_img
spot_img

සියලු රාජ්‍ය ආයතනවලට දැනුම්දීමක්

නව වසරේ රාජකාරී ආරම්භ කරන හෙට (01) දිනයේ සියලු රාජ්‍ය ආයතනවල නිල උත්සවයක් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දී තිබෙනවා.

අමාත්‍යංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින් අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත ඒ පිළිබදව දැනුම් දී ඇති බවටයි වාරතා අවන්නේ.

“ක්ලීන් ශ්‍රී ලංකා “ ජාතික වැඩසටහන සමග නව වසරේ රාජකාරී කටයුතු ඇරඹිය යුතු බව එම චක්‍රලේඛයේ සදහන් වේ.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන එළිදැක්වීම රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ දී හෙට දිනයේ සිදුකිරීමට සැලසුම් කර තිබේ.

රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දී ඇත්තේ ඒ අනුව සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්, සමස්ත රාජ්‍ය සේවයේ නියුතු පිරිසගේ සහභාගීත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවැත්වෙන කාර්යයට සමගාමීව සිය සේවා ස්ථානවල රාජකාරී කටයුතු ආරම්භ කිරීම සිදුකළ යුතු බවය.

ක්ලින් ශ්‍රී ලංකා වැඩසටහන එළිදැක්වීමේ ජාතික උත්සවය සියලු රජයේ සහ පෞද්ගලික විද්‍යුත් නාලිකා මගින් විකාශනය කිරීමට කටයුතු සලසා ඇති අතර සියලු රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩලයට එය නැරඹීමේ පහසුකම සලසා දෙන ලෙස ද දැනුම් දී තිබේ.

ඒ අනුව සියලු රාජ්‍ය සේවකයින් ක්ලීන් ශ්‍රී ලංකා ප්‍රතිඥාව කියවිම සඳහා සජීවීව සම්බන්ධ විය යුතු බවද රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සිය චක්‍රලේඛය මගින් වැඩිදුරටත් දැනුම් දී තිබේ.

spot_imgspot_img

Popular

More like this
Related

යාපනය බන්ධනාගාරයේ ආරක්ෂාව තර කෙරේ හමුදාව සහ පොලිසිය සීරුවෙන්

දිවයිනේ බන්ධනාගාර කිහිපයක වාර්තා වන නොසන්සුන්කාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්...

දිස්ත්‍රික්ක හතරක නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන යාවත්කාලීන කෙරේ

දිස්ත්‍රික්ක හතරකට අදාළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන ජාතික ගොඩනැගිලි...

කොමර්ෂල් බැංකුව ලෝකයේ ප්‍රමුඛතම බැංකු 1000 ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස යළි තහවුරු වෙයි

ලොව ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් ලෙස කොමර්ෂල් බැංකුව සිය ස්ථානය...

ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් ප්‍රසිද්ධ ඇගලුම් සමාගමක් ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි

දිගින් දිගටම පවතින අර්බුද හේතුවෙන් ණය ගෙවා ගැනීමට නොහැකි...