spot_img
spot_img

ජනවාරි 01 අළුත් වෙනසකින් ඇරඹෙන ශ්‍රී ලාංකීය රාජ්‍ය සේවය

ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග පවසන්නේ, 2025 වසරේ ජනවාරි පළමු වන දා රාජකාරි ආරම්භ කිරීමේදී රාජ්‍ය සේවකයන් ලබා දෙන ප්‍රතිඥාවේ සංශෝධනයක් සිදුකිරීමට නියමිත බවත්, එය රජය විසින් එදින අරඹනු ලබන ‘Clean Sri Lanka’ වැඩපිළිවෙල සමග බද්ධ වූ ප්‍රතිඥාවක් වනු ඇති බවයි.

ජනවාරි පළමු වන දා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම වැඩපිළිවෙල නිල වශයෙන් දියත් වීමට නියමිත අතර, නිසි සනීපාරක්ෂාවක් සහිත වටපිටාවක් නිර්මාණය කිරීම, අල්ලස් දූෂණ රාජ්‍ය සහ පෞද්ගලික ක්ෂේත්‍රයෙන් තුරන් කිරීම, ඩිජිටල්කරණය කිරීම ඇතුළු නව්‍ය වැඩපිළිවෙල සහිත ‘Clean Sri Lanka’ සංකල්පය බහුවිධ ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට මේ වනවිට සැලසුම් කර ඇති බවත් වාර්තා වනවා.

‘Clean Sri Lanka’ වැඩසටහනේ මූලික අදියර වශයෙන්, එම වැඩපිළිවෙල සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ සහ මෙය වඩාත් අර්ථාන්විත කිරීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ අදහස් ලබා ගැනීමක් සිදුවනු ඇති බවත් ඒ අනුව එම වැඩසටහන දිගුකාලීනව ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර ඇති බවත් වාර්තා වනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...