spot_img
spot_img

රටම කැළඹු සුනාමියට අවුරුදු 20යි

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට දැවැන්ත ජීවිත හා දේපළ හානියක් සිදුකළ 2004 සුනාමි ඛේදවාචකය සිදුවී අදට (26) වසර 20ක් සපිරේ.

2004 දෙසැම්බර් (26) වනදා ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදේ ඇතිවූ භූකම්පනයක් හේතුවෙන් හටගත් සුනාමි ව්‍යසයෙන් ලංකාවේ වෙරළබඩ දිස්ත්‍රික්ක 14කට බලපෑම් එල්ල වූ අතර මුහුද ගොඩගැලීම නිසා ශ්‍රී ලාංකිකයින් 30,000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්විය.

තවත් 5000ක පමණ පිරිසක් අතුරුදන් වූ අතර නිවාස හා දේපළ අලාභ හානි ඇතුළුව පුද්ගලයින් 502,456 දෙනෙකු මෙයින් බලපෑමට ලක්වූ බව සඳහන් වේ.

2004 සුනාමියෙන් අහිමි වූ ජීවිත සිහිපත් කිරීම සදහා අද (26) දින පෙ.ව. 9.25 සිට පෙ.ව. 9.27 දක්වා කාලය තුළ මිනිත්තු 2ක නිශ්ශබ්දතාවයක් පවත්වනු ලැබුවා.

අද යෙදෙන ජාතික ආරක්ෂිත දිනයේදී මෙම නිශ්ශබ්දතාවය පවත්වනු ලබන බව ආපද‍ා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

spot_imgspot_img

Popular

More like this
Related

යාපනය බන්ධනාගාරයේ ආරක්ෂාව තර කෙරේ හමුදාව සහ පොලිසිය සීරුවෙන්

දිවයිනේ බන්ධනාගාර කිහිපයක වාර්තා වන නොසන්සුන්කාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්...

දිස්ත්‍රික්ක හතරක නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන යාවත්කාලීන කෙරේ

දිස්ත්‍රික්ක හතරකට අදාළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන ජාතික ගොඩනැගිලි...

කොමර්ෂල් බැංකුව ලෝකයේ ප්‍රමුඛතම බැංකු 1000 ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස යළි තහවුරු වෙයි

ලොව ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් ලෙස කොමර්ෂල් බැංකුව සිය ස්ථානය...

ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් ප්‍රසිද්ධ ඇගලුම් සමාගමක් ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි

දිගින් දිගටම පවතින අර්බුද හේතුවෙන් ණය ගෙවා ගැනීමට නොහැකි...