ජනතා සහන දීමේ විප්ලවයක් ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කුලියාපිටියේ දී අද (10) පැවසුවා.
කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගනයේ පැවති “සැබෑව” යන තේමාවෙන් සංවිධාන කෙරුණු මැතිවරණ සටන ඇරැඹීමේ ප්‍රථම මහජන රැළිය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළා.
එහිදි තවදුරටත් අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ අස්වැසුම ප්‍රතිලාභීන්ට සිංහල – දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සහල් කිලෝග්‍රෑම් 20 බැගින් ලබා දෙන බවයි.
තවද බින්දුවට වැටුණු රට ගොඩ නැගීමට සහය දුන් එක්සත් ජාතික පාක්ෂිකයන් මෙන්ම පොහොට්ටුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,සමගි ජන බලවෙිගය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලුම පාක්ෂික ජනතාවට ස්තුති කරන බව පැවසු ජනාධිපතිවරයා තමා කිසි විටෙක පටු දේශපාලනයට හිර නොවන බව අවධාරණය මෙහිදි අවධාරණය කළා.
කුලියාපිටිය ප්රමුඛ කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් දහස් සංඛ්‍යාත ජනකායක් නගර සභා ක්‍රීඩාංගණයට රැස්ව සිටි අතර එක්සත් ජාතික පක්ෂයේ උපනායක හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ජනරැළිය සංවිධාන කර තිබුණා.




