spot_img
spot_img

කච්චතිව් ඉන්දියාවට ලබාගැනීමේ යෝජනාවක් – අපිට බලන් ඉන්න තමයි වෙන්නේ

කච්චතිව් ඉන්දියාවට ලබාගැනීමේ යෝජනාවක් – අපිට බලන් ඉන්න තමයි වෙන්නේ

ඉන්දියාවේ ද්‍රවිඩ මුන්නේත‍්‍රම් කලහම් පක්ෂය විසින් ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපත නැවත ඉන්දියාවට පරාගත යුතු බවට ඉන්දීය මධ්‍යම රජය වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර ඉන්දියාව සහ ලංකාව අතර පවතින ධීවර ගැටළුවට ස්ථිර විසඳුමක් ලබා ගැනීමට අවශ්‍ය නම් කච්චතිවු දූපත ඉන්දියාවට ලබාගත යුතු බවද එම යෝජනාවේ වැඩිදුරටත් සඳහන්.

ඉන්දීය මාධ්‍ය පවසන්නේ, එම පක්ෂයේ නායක සහ තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂය කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී මෙම යෝජනාව ඒකමතිකව සම්මත කරගෙන ඇති බවයි.

ඊයේ (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඊට ප්‍රතිචාර දක්වමින් කැබිනට් ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ ඉන්දීය දේශපාලන පක්ෂයක් විසින් මෙම යෝජනාව සම්මත කර ඇතත් ඉන්දියාවේ මධ්‍යම රජය මේ සම්බන්ධයෙන් කිසිදු යෝජනාවක් ශ්‍රී ලංකාවට ඉදිරිපත් කර නැති බවයි.

කෙසේවෙතත් ඉන්දියානු රජය මෙවන් යෝජනාවක් ඉදිරිපත් කළොත් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට සූදානම් බවත් හෙතෙම පැවසුවා.

spot_imgspot_img

Popular

More like this
Related

දිස්ත්‍රික්ක හතරක නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන යාවත්කාලීන කෙරේ

දිස්ත්‍රික්ක හතරකට අදාළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන ජාතික ගොඩනැගිලි...

කොමර්ෂල් බැංකුව ලෝකයේ ප්‍රමුඛතම බැංකු 1000 ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස යළි තහවුරු වෙයි

ලොව ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් ලෙස කොමර්ෂල් බැංකුව සිය ස්ථානය...

ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් ප්‍රසිද්ධ ඇගලුම් සමාගමක් ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි

දිගින් දිගටම පවතින අර්බුද හේතුවෙන් ණය ගෙවා ගැනීමට නොහැකි...

මැගසින් බන්ධනාගාරයේ ගැටුමින් රැඳවියෙකු මරුට

මැගසින් බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් තුවාල ලබා රෝහල් ගත...