spot_img
spot_img

පුංචි ඡන්දය නැතත් කෝටි 65ක් වැය කරලා – විගණන වාර්තාවක් කියයි

තවමත් පැවැත්වීමට නොහැකි වූ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මේ වන විට රුපියල් කෝටි 65.5ක (655,096,226) මුදලක් වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවකින් අනාවරණය වනවා.

පළාත් පාලන ආයතනවල ධුර කාලය 2023 මාර්තු 19 වැනි දිනෙන් අවසන් වූ අතර අදාළ නාමයෝජනා දැන්වීම 2023 ජනවාරි හතර වැනිදා මැතිවරණ කොමිසම මඟින් ප්‍රදර්ශනය කර තිබිණි. පසුව ඡන්ද විමසීම පැවැත්වෙන දිනයන් හා ඒවා අවලංගුවීම්වලට අදාළ ගැසට් පත්‍ර තුනක් නිකුත් කර තිබුණා.

මේ වන තෙක් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාවට නොහැකි වුව ද මැතිවරණ වියදම් ලෙස මෙලෙස රුපියල් 655,096,226ක් වැය කර ඇතැයි ද 2003 සැප්තැම්බර් 30 වැනි දිනට තවත් රුපියල් 15,933,472ක් තවදුරටත් ගෙවිය යුතු වියදම් ලෙස පැවතුණු බවත් එම වාර්තාවේ දැක්වේ.

මැතිවරණ වියදමින් සියයට 15ක් අතිකාල හා නිවාඩු දින වැටුප් සඳහා ද සියයට 23 ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීමට ද සියයට 7 ඉන්ධන සඳහා ද සියයට 31 මුද්‍රණ කටයුතු සඳහා ද සියයට 7ක් සංග්‍රහ කටයුතු සඳහා ද සියයට 4 පොලිස් දෙපාර්තමේන්තුවේ වියදම් වෙනුවෙන් සහ සියයට 13ක් අනෙකුත් වියදම් සඳහා ද වැය කර තිබුණු බව එහි වැඩිදුරටත් සඳහන් වෙයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...