පාර්ලිමේන්තු මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය සඳහා සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නැවත පත් කර තිබෙනවා.
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මඟින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මුදල් කාරක සභාවේ සභාපති ධුරයට පත් කර ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට ඊයේ (18) නිවේදනය කළා.
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මීට පෙර ද එම කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළා.
ඊට අමතරව එම කාරක සභාවේ සේවය කිරීම සඳහා වන කාරක සභා සාමාජිකයන්ගේ නම් ද කථානායකවරයා විසින් නිවේදනය කළා. ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, රවි කරුණානායක, හර්ෂණ රාජකරුණා, නිමල් පලිහේන, විජේසිරි බස්නායක, තිලිණ සමරකෝන්, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් මුදල් පිළිබඳ කාරක සභාවේ සෙසු සාමාජිකයන් වනවා.




