පාර්ලිමේන්තුවේ සිටින තවත් මැති ඇමතිවරුන් පස් දෙනෙකුගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් සැක මතු කර ඇති බවයිආරංචි මාර්ග පවසන්නේ.
ඒ අතර නාගරික සංවර්ධන නිවාස සහ ඉදිකිරීම් ඇමති අනුර කරුණාතිලකගේ ආචාර උපාධියත්, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාගේ උපාධියත් ඇතුළු හය දෙනෙකුගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇත.
ඒ අනුව එම පිරිසගේ අධ්‍යාපන සුදුසුකම් ගැන තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ලබා ගැනීමටද ඔවුන් කටයුතු කර ඇති බව සඳහන්.
එමෙන්ම ඇතැම් මන්ත්‍රීවරුන් තම සමාජ ජාල ගිණුම් වල සටහන් කර තිබූ යම් යම් අධ්‍යාපන සුදුසුකම් ඉවත් කිරීමටද පටන් ගෙන ඇති නමුත් එහි ඉතිහාසය නිරීක්ෂණය කිරීමේදී ඒවා මෑත දිනවලදී ඉවත් කර ඇති බව පැහැදිලිව පෙනී යන බව විපක්ෂය චෝදනා කරනවා.




