2024-2025 ශ්රි පාද වන්දනා වාරය ආරම්භ වන උදුවප් පොහො දින (14) ශ්රි පාද උඩ මළුව මල් වලින් සැරසිම සදහා විවිධ මල්පෙති ලක්ෂ තිහක් මෙවර උපයෝගි කරගන්නා බව නුගේගොඩ කස්ටම් ගෘප් ඔෆ් කොම්පැනි ආයතනයේ හිමිකරුවන් වන නිශාන්ත ද සිල්වා සහ නිලන්ත ද සිල්වා යන සහෝදරයින් දෙදෙනා ප්රකාශ කරනවා.
ඇස්තුමේනියා, කපුරු ඇතුළු මල් වර්ග ගණනාවක මල් පෙති සහ පිච්ච මල් යාර හත්දහසක් මෙවර ශ්රි පාද උඩ මළුව සැරසිම සදහා යොදාගන්නා බවයි එම මහත්වරුන් ප්රකාශ කළේ.
එම මල් වලින් වැඩි ප්රමාණයක් නුවරඑලියෙන් මිල දි ගත් බවත්, කොළඹ සිට එම මල් පෙති ශ්රි පාද උඩ මළුව දක්වා රැගෙන ගොස් (13) දින ශ්රි පාද උඩ මළුව 28 වරටත් තම සමාගම විසින් සැරිසිමට කටයුතු කරන බවද සදහන් කළා.




