spot_img
spot_img

ගොවීන්ට බන්ඩි පොහොර නොමිලේ

ශ්‍රී ‌ලංකාවට අද (12) දින ලෝක ආහාර වැඩසටහනෙන් ප්‍රදානයක් ලෙස ලැබුණු මියුරියේට් ඔෆ් පොටෑෂ් (බන්ඩි පොහොර) මෙට්‍රික් ටොන් 55,000 වී සහ පොල් ගොවීන්ට නොමිලේ ‌බෙද‍ා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා පවසනවා.

එක් කන්නයක වී වගාව සදහා භාවිතා වන මියුරියේට් ඔෆ් පොටෑෂ් පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 25,000ක් බැවින් පොහොර තොගය මෙවර මහ කන්නයේ වී වගා කළ ගොවීන්ට බෙද‍ා හැරීමටද, ඉතිරිය පොල් වගාවට භාවිතා කිරීමටද ප්‍රමාණවත් බව අමාත්‍යංශය සදහන් කරයි.

ප්‍රදානයක් ලෙස ලැබුණු පොහොර තොගයෙන් වී වගාව සදහා සියයට 50ක්, ඉතිරි සියයට 50 පොල් වගාව සදහාද භාවිත කිරීමට පසුගිය (09) වෙනිදා කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුණා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...