ජාතික ජන බලවේග ආණ්ඩුවේ සියලුම මන්ත්‍රීවරුන්ගේ මහාචාර්ය තනතුරු, ආචාර්ය උපාධි, ඉංජිනේරු, වෛද්‍ය ආදී තනතුරු නාම ඇතුළු සියලුම අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කිරීමට තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය සහ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ තීරණය කර තිබෙනවා.
වත්මන් කතානායක අශෝක රන්වලගේ ආචාර්ය උපාධිය මෙන්ම තවත් අමාත්‍යවරයකුගේ ඉංජිනේරු තනතුර සම්බන්ධයෙන් දැනට මතු වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සැලකීමට ගෙන එම ගැටලු නිරාකරණය කර ගැනීමේ අරමුණින් මෙම තේරීම් කාරක සභාව පත් කිරීමට යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතයි.
එක්සත් ජාතික පක්ෂයේ සහ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් නායක ජීවන් තොණ්ඩමන් විසින් අදාල යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවටයි වාර්තා වන්නේ.




