හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ රුපියල් කෝටි ගණන් මුදල් වංචා සහගතව ලබාගත් බව ඊ.පී.ඩී.පී. (EPDP) පක්ෂයේ හිටපු සහික සුඛපයියා පොන්නයියා චෝදනා කරනවා.
ඊ.පී.ඩී.පී. (EPDP) පක්ෂයේ සාමාජිකයින් හමුදා සෙබළුන් ලෙස හඳුන්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් මුදල් ලබාගෙන ඇති බවත් මේ ආකාරයට එක් සාමාජිකයෙකුට රුපියල් 65,000ක් දක්වා එවකට රජයෙන් මුදල් ලබාගෙන තිබෙන බවද සුඛපයියා පොන්නයියා වැඩිදුරටත් පවසනවා.
ඔවුන්ගේ වැටුප සාමාන්‍යයෙන් රුපියල් 15,000 කටත් අඩු බවත් එයට අමතරව ඉතුරුම් ලෙස අදාල මුදලින් රු.3,000ක් අඩු කරනු ලැබූ බවත් එම අඩු කළ මුදල විශ්‍රාම ගිය පසු එකතු කර දෙන බවත් ඒවා මෙතෙක් ලැබී නොමැති බවද සුඛපයියා පොන්නයියා පවසනවා.
යාපනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු සභික සුඛපයියා පොන්නයියා මේ බව සදහන් කළා.




