spot_img
spot_img

ඕනෑම වෙලාවක යුද්ධයකට සූදානමින් ඉන්න ඕන

‘නේටෝ’ සංවිධානය යුද මානසිකත්වයකින් කටයුතු කළ යුතු බවත්, ඕනෑම අවස්ථාවක යුද්ධයකට සූදානමින් සිටිය යුතු බවත්, එම සංවිධානයේ මහ ලේකම් මාර්ක් රූට් පවසනවා.
නේටෝ මහ ලේකම්වරයා මෙසේ පැවැසුවේ, බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර සමුළුවකට සහභාගී වෙමින්.

‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය යනු ඇමෙරිකාව සහ බටහිර රටවල් එකමුතු වී, රුසියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමේ අරමුණින් පිහිටුවාගත් සන්ධානයක්.

රුසියන් යුක්රේන යුද්ධයේ දී නේටෝවේ සහාය හිමිවන්නේ යුක්රේනයටයි.

රුසියන් යුක්රේන යුද්ධයට හේතුව ද යුක්රේනය රුසියාවේ විරෝධය මැද ‘නේටෝ’ සාමාජිකත්වය ඉල්ලා සිටීමයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති ලෙස දිවුරුම් දෙන්නේ ලබන ජනවාරියේය. එසේ දිවුරුම් දීමෙන් පසු තමන් පැය 24ක් ඇතුළත රුසියන් යුක්රේන යුද්ධය අවසන් කරන බවට ට්‍රම්ප් ප්‍රතිඥා දී තිබෙනවා.

ට්‍රම්ප් සිය පළමු ධුර කාලයේ දී ‘නේටෝ’ සංවිධානය සමඟ මත ගැටුම් ඇති කර ගත්තේය. ඇමෙරිකාවෙන් ‘නේටෝ’ සංවිධානයට ලබා දෙන මූල්‍ය සහාය පවා කප්පාදු කිරීමට කටයුතු කළේය. යළි ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ද ‘නේටෝ’ සංවිධානයට අඩු අවධානයක් ලබා දීමට ට්‍රම්ප් සූදානම් වෙන බවටයි ආරංචිමාර්ග පවසන්නේ.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...