spot_img
spot_img

2024 සා පෙළ විභාග අපේක්ෂකයින්ට නිවේදනයක්

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අයඳුම්පත් කැඳවීම අද (10) දිනෙන් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ, අද මධ්‍යම රාත්‍රී 12න් පසු අයදුම්පත් භාරගැනීමේ කටයුතු අවසන් කෙරෙන බවයි.

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විභාගය සඳහා අයදුම් කිරීම සඳහා විභාග අපේක්ෂකයින් හට පසුගිය නොවැම්බර් 5 වන දා සිට 30 වනදා තෙක් කාලය ලබාදී තිබුනා.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරන විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා,

“මම සියලූම අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටිනවා පාසල් අපේක්ෂකයින්ගෙන් හා පෞද්ගලික අපේක්ෂකයින්ගෙන් අද දිනය ඇතුළත තමන්ගේ අයඳුම්පත් යොමු කරන්න. මොකද කිසිදු හේතුවක් නිසා අද දින මධ්‍යම රාත්‍රී 12න් පසුව අයඳුම්පත්‍ර භාරගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නෑ. ඒ නිසා මම තදින්ම අවධාරණය කරනවා මේ විභාගයට පෙනී සිටීමට අපේක්ෂා කරන යම් අයෙක් වේනම් රාත්‍රී 12ට පෙර ඔබගේ අයඳුම්පත මාර්ගගත ආකාරයට ඉදිරිපත් කළ යුතුයි. එය විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් සම්පුර්ණ කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...