අවුරුදු 12ට අඩු ළමුන් ජනවාරි (01) වැනිදා සිට වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි මහතා සදහන් කළා.
වැඩි දුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි මහතා,
“විශේෂයෙන් අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරය සඳහා යොදා ගැනීම අපි ජනවාරි (01) වැනිදා සිට නවත්වනවා. ඒ සඳහා වූ ගැසට් පත්‍රය බලාත්මක කිරීමට සියලු කටයුතු අපි යොදලා ඉවරයි.
මොකද පසුගිය රජයන් තුළින් අවුරුදු 7-8ක් තිස්සේ ඕක පස්සට දාදා හිටියා. අපි ගිය සතියේ තීරණයක් ගත්තා අපි ඒක පස්සට දාන්නේ නෑ අපි ජනවාරි (01) වැනිදා ඉඳලා මෙය බලාත්මක කරනවා කියන කාරණය.”




