අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය එක්ව, හූති ඩ්‍රෝන යානා 28ක් බිම හෙලා තිබෙනවා.
රතු මුහුද සහ ඒඩ්න් බොක්ක ආශ්‍රිතව යාත්‍රා කෙරුණු, වාණිජ නෞකා, සහ ඩිස්ට්‍රොයර් වර්ගයේ අමෙරිකානු යුධ නෞකා ඉලක්ක කර ගනිමින්, හූති කැරළිකරුවන් ඊයේ (09) මෙම ප්‍රහාර එල්ල කර තිබෙනවා.
කෙසේ නමුත් අදාළ ප්‍රහාර වලින්, නෞකාවලට කිසිදු හානියක් සිදුවී නොමැති බවයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම අවස්ථාවේ අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය සිදුකල ඒකාබද්ධ මෙහෙයුමේදී, යේමනයේ හූති කැරලිකරුවන්ගේ නියමුවන් රහිත ඩ්‍රෝන යානා 28ක් විනාශ වී ඇති බවයි.




