spot_img
spot_img

ජීවිත ආරක්ෂාව වෙනුවෙන් එක් අයෙකුට එක් ගිනිඅවියක් පමණයි

ආරක්ෂක අමාත්‍යාංශය විසින් සිවිල් පුද්ගලයන්ට ගිනිඅවි නිකුත් කිරීමේ ක්‍රියාවලිය සඳහා සැලකිය යුතු වෙනසක් ගෙන එමින් නව නීති රීති පනවා ඇත. ඒ අනුව, එක් පුද්ගලයෙකුට ලබා දෙන ගිනිඅවි ගණන එකක් දක්වා සීමා කිරීමට තීරණය කර තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ ගිනිඅවි සම්බන්ධයෙන් පවතින ආරක්ෂක තත්ත්වය නැවත විමර්ශනය කිරීමෙන් අනතුරුවය. ආරක්ෂක අමාත්‍යාංශය පවසන පරිදි, ගිනිඅවි එකකට වඩා ඉල්ලුම් කරන අයදුම්කරුවන්ගේ ඉල්ලීම් පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදු කරනු ලබන අතර, එම විමර්ශනයේ ප්‍රතිඵල මත තීරණ ගනු ලැබේ.

මෙම විමර්ශන ක්‍රියාවලියේදී බුද්ධි අංශවල සහාය ලබා ගනිමින් අදාළ පුද්ගලයාගේ පසුබිම පිළිබඳව සවිස්තරාත්මක විශ්ලේෂණයක් සිදු කරනු ලැබේ. ජීවිතයට තර්ජනයක් පැවතීමේ අවදානමක් නොමැති බව තහවුරු වුවහොත් ඔහු සතු ගිනිඅවි යළි ආපසු ලබා ගැනීමට ද කටයුතු කරන බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ වන විටත් සිවිල් පුද්ගලයන් සඳහා නිකුත් කර ඇති ගිනිඅවි සම්බන්ධයෙන් විශේෂ සමීක්ෂණයක් ආරක්ෂක අමාත්‍යාංශයේදී සිදු කෙරෙමින් පවතී. මෙම සමීක්ෂණයට අනුව මේ වන විට සිවිල් වැසියන් වෙනුවෙන් ගිනිඅවි 1550ක් පමණ නිකුත් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...