ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය අද (03) සහ හෙට (04) දින පැවැත්වීමටත්, අතුරු සම්මත ගිනුමට අදාල යෝජනා සම්මතය (05) වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.
ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ යෝජනාව අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අනතුරුව පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා ඒ පිළිබඳ විවාදය පැවැත්වෙනු ඇති.
අනතුරුව හෙට (04) පෙරවරු 9.30 සිට පස්වරු 5.00 දක්වා විවාදය පැවැත්වෙන අතර ඊට අදලා ඡන්ද විමසීම එදින පස්වරු 05.00ට පැවැත්වීමටත් 2025 වසරේ පළමු කාර්තුව සදහා වන ආණ්ඩුවේ අතුරු සම්මත ගිනුමට අදාල යෝජනා සම්මතය දෙසැම්බර් මස (05) වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතයි.
දස වෙනි පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම කතානායක ආචාර්ය සපුමල් රන්වලගේ ප්‍රධානත්වයෙන් රැස්වෙන අතර පාර්ලිමේන්තුව අද (03) සිට ලබන (06) වැනිදා දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.




