spot_img
spot_img

රනිල් වික්‍රමසිංහගෙන් මාලිමා රජයට පැසසුම්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතාවයන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවට ප්‍රශංසා කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට අයි.එම්.එෆ්. යෝජනා ක්‍රියාත්මක කිරීම අනිවාර්ය බව පෙන්වා දුන් හිටපු ජනාධිපතිවරයා, රටේ ආර්ථික තත්ත්වය තවදුරටත් ශක්තිමත් වූ පසු විකල්ප මාර්ග සොයා ගත හැකි බව සඳහන් කළා.

අමාරි කලම්බු හෝටලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. 2022-24 කාලය තුළ රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා උපරිම උත්සාහයක් දැරූ බව සඳහන් කළ වික්‍රමසිංහ මහතා, ආර්ථික වර්ධනය සියයට පහ දක්වා ඉහළ නැංවීමට හැකි වූ බවද පවසා තිබෙනවා.

සංචාරක ක්ෂේත්‍රය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඉතා වැදගත් දායකත්වයක් සපයන බව පෙන්වා දුන් හිටපු ජනාධිපතිවරයා, සංචාරක ව්‍යාපාරිකයන් අලුත් අදහස් සහ ව්‍යාපාරික අවස්ථා සොයා ගත යුතු බව අවධාරණය කළා.

2028 වන විට නැවත වරක් ණය ගෙවීමට සිදුවන බැවින් නව ආදායම් මාර්ග සොයා ගැනීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් ඔහු, විදේශීය සංචාරකයෙකුගෙන් ලබා ගත හැකි ආදායම ඩොලර් 300 දක්වා වැඩි කිරීමට කටයුතු කළ යුතු බව ප්‍රකාශ කළේය. එසේ නොමැති නම්, අයි.එම්.එෆ්. සමඟ ඇති කරගත් එකඟතාවයන්ගෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වනු ඇති බව ඔහු අවධාරණය කරනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...