spot_img
spot_img

ඇමැති විශ්‍රාම වැටුපත් කැපෙයි – රජයේ සැප වාහන 150ක් විකුණයි

පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී තිබෙනවා.

මේ අතර දැනට අමාත්‍යාංශ සතුව ඇති සුඛෝපභෝගී වාහන 150ක් විකිණීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරගෙන යන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

මන්ත්‍රීවරුන්ට V 8 සහ මොන්ටෙරෝ වැනි සුඛෝපභෝගී වාහන ලබා නොදීමට ද රජය තීරණය කර තිබෙනවා.

එසේම මැති ඇමැතිවරුන්ගේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් කරුණු සමාලෝචනයක් කර තීරණයක් ගන්නා බව ද එම ආරංචි මාර්ග සඳහන් කළා.

මන්ත්‍රීවරුන්ට ගිනි අවි සහ ගිනි අවි පුහුණුව ලබාදීම මහජන නියෝජිතයන්ට නිවාස ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැහැ.

මැති ඇමැතිවරුන්ගේ වරප්‍රසාද සමාලෝචනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශේෂ කමිටුවක් පසුගියදා පත් කරනු ලැබීය. එම කමිටුවේ නිර්දේශය ද සැලකිල්ලට ගෙන මැති ඇමැතිවරුන්ගේ වරප්‍රසාද තීරණය කෙරෙනු ඇතැයි දැනගන්නට ලැබෙනවා.

මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුව නිලධාරියකුගෙන් ඊයේ කළ විමසුමකදී ඔහු පැවැසුවේ රජයෙන් තවමත් ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් දැනුම් දීමක් කර නැති බවයි.

එතෙක් මන්ත්‍රීවරුන්ට අවශ්‍ය නිවාස ඇතුළු අනෙකුත් පහසුකම් සම්බන්ධයෙන් කටයුතු කරගෙන යන බව ද ඔහු සඳහන් කළා.

මන්ත්‍රීවරුන් සඳහා පසුගියදා පැවැති වැඩමුළුවේ දී ඔවුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට නියමිතව තිබුණ ද එය සිදුව නැතැයි වාර්තා වෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...