spot_img
spot_img

දඹුලේ එළවලු හිඟයක්

පවතින අහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය සියයට හැටකින් පහත වැටී ම් තිබෙන අතර එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන්ගේත් සැලකිලිය යුතු මට්ටමෙන් අඩුවක් දක්නට ලැබෙන බවත් එළවළු මිලද සීග්‍රයෙන් පහත වැටෙමින් පවතින බව ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය පවසනවා.

වැස්ස නිසා ගුණාත්මක භාවයෙන් යුතු එළවළු වෙළඳ මධ්‍යස්ථානයට නොලැබීම හේතුවෙන් ඒවා අලෙවි නොවන නිසාවෙන් මේ තත්ත්වය උදාවී තිබෙන බවත් ඉදිරි කාලය තුළ එළවළු ලැබීම මීටත් වඩා පහත මට්ටමක පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ ලේකම් අයි ,ජි .විජේනන්ද මහතා වැඩිදුරටත් සඳහන් කළා.

ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පිට පළාත්වලින් ලැබෙන එළවළු මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවලින් ලැබෙන එළවළු ප්‍රමාණය විශාල වශයෙන් අඩු වී තිබෙන බවද පෙන්වා දෙන ලේකම්වරයා එලවලු කොටු වර්ෂාව සමඟ විනාශ වී යාම එළවළු අස්වනු නෙළීමේ අවස්ථාද අහිමිවීම නිසා මේ තත්ත්වය උදා වී තිබෙන බවද මධ්‍යස්ථානය තුළ කැරට් ලිස් කිලෝ එකක තොග මිල රු 100 ත් 140 ත් මිලකට සෙමෙන් අලවි වන බව පවසනවා.

පහතරට එළවලු බොහොමයක් වෙළදපලේ දක්නට නොමැති තරම් බව පෙන්වා දෙන ඒ මහතා එළවළු සිල්ලර මිල ඉහල යා හැකි බව පෙන්වා දුන්නා.

ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය බෝංචි කිලෝවක් රුපියල් 400ත් 420ත් අතර මිලකට අලෙවි වන බවත් කැරට් සහ ලීස් කිලෝවක් රුපියල් 130 ත් 140 අතර මිලකට අලවන බවත් වට්ටක්කා කිලෝවක් රුපියල් සියයකටත් අමු මිරිස් කිලෝ එකක් රුපියල් 250ක මිලකට අලෙවිවීම සිදුවන බවද එම යම් මට්ටමකින් මිල ඉහළ ගියද ඒවා අලෙවි කර ගැනීමට වෙළෙන්දන් නොමැති බව වැඩිදුරටත් පෙන්වා දුන්නා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...